fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ප්‍රදේශ කිහිපයකට පස්වරුවේ වැසි

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 15, 2018 12:48

ප්‍රදේශ කිහිපයකට පස්වරුවේ වැසි

ඌව, නැගෙනනහිර යන පළාත්වල මෙන්ම තවත් දිස්ත්‍රික් කිහිපයක ස්ථාන රැසක අද(15) පස්වරුවේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරනවා. වැසි ඇති වනවිට එම ප්‍රදේශවලට තාවකාලික තද සුළං ද ඇතිවන බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දැනුම් දෙන්නේ.

ශානිකා දිසානායක – කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ,

මේ අතර නැගෙනහිර පළාතේ ඇතැම් ස්ථානවලට මෙන්ම පොළොන්නරුව, මුලතිව් හා කිලිනොච්චි යන දිස්ත්‍රික්වල ඇතැම් ස්ථානවලට අද (15) දිනයේ උණුසුම් කාලගුණ තත්ත්වයක් පවතිනවා. එම උණුසුම් කාලගුණයෙන් ආරක්‍ෂා වන ලෙසටයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ. දිවයිනේ බොහෝ ස්ථානවල ඊයේ (14) දිනයේ ද උණුසුම් කාලගුණ තත්ත්වයක් පැවතුණා. අධික උෂ්ණත්වය හේතුවෙන් අවශ්‍ය තරම් ජලය පානය කරන ලෙස සෞඛ්‍ය අංශ දැනුම් දෙනවා. විවේක ගන්නා විට සෙවණ ඇති ස්ථානයක් තෝරාගත යුතුයි. කුඩා දරුවන් වාහන තුළ තනිව රඳවා නොයන ලෙස ද දැනුම් දෙනවා. වැඩිහිටි හා රෝගී පුද්ගලයින් පිළිබඳ සැළකිලිමත් විය යුතුයි. එළිමහනේ අධික වෙහෙසකාරී කටයුතු සීමා කරන ලෙසයි සෞඛ්‍ය අංශ සඳහන් කරන්නේ.

 

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 15, 2018 12:48

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2020

logo