ස්වයං පෝෂිත යුගයක් මහවැලි තාරුණ්‍යයට අපමණ අගයක් තේමාවෙන් තිස්වන මහවැලි ක්‍රීඩා උළෙල අද (15) ආරම්භ වුණා. ඒ ඇඹිලිපිටිය මහජන ක්රීඩාංගණයේදීයි. අද(15) සහ හෙට (16) දෙදින පුරා තරග පැවැත්වීමටයි කටයුතු යොදා ඇත්තේ. මහවැලි කලාප දහයක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් විශාල පිරිසක් ඊට එක්ව සිටිනවා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ උපදෙස් මතයි මහවැලි ක්‍රීඩා උළෙල මෙවරත් පැවැත්වෙන්නේ. එහි ආරම්භක උත්සවය පැවැත්වුණේ අමාත්‍ය මහින්ද අමරවීර, රාජ්‍ය අමාත්‍ය වීර කුමාර දිසානායක යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන්.
අමාත්‍ය මහින්ද අමරවීර,
[ot-video type=”youtube” url=”https://youtu.be/GxXVMi6Hej4″]
මහවැලි ක්‍රීඩා උළෙලේ සමාප්ති උළෙල හෙට දිනයේදී ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විමට නියමිතයි. විචිත්‍රවත් සංස්කෘතික උළෙලක් ද මිට සමගාමිව සංවිධාන කර තිබෙනවා.