සිර බත් කන රුවන්ඩා විපක්ෂ නායිකාට නිදහස ලබාදෙන්න තීරණයක්
Related Articles
වසර පහලොවක සිර දඩුවමකට යටත්ව සිටින රුවන්ඩා රාජ්‍යයේ විපක්ෂ නායිකා වික්ටෝ ඉන්ගබියර් නිදහස් කිරීමට එරට රජය තීරණය කර තිබෙනවා.
ඇයට එරෙහිව එල්ල වු චෝදනාව වන්නේ 1994 දී සිදු කළ ජන සංහාරය සහ රාජ්‍ය ආරක්ෂාවට තර්ජන එල්ල කිරිමයි. ඇය ජනාධිපති පෝල් කාගාම්ගේ ප්‍රධාන විරුද්ධවාදිනියක වනවා. මේ වන විට ඇය ඇතුළු දේශපාලන සිරකරුවන් දෙදහස් එකසිය හතලිහක් පමණ නිදහස් කිරීමට එරට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබා දී තිබෙනවා. මෙම සිරකරුවන් අතර 2015 දී වසර දහයක සිරදඩුවමට ලක් කළ ගායක කිසිටෝ මිගිගෝ ද සිටින බව සදහන්. පෝල් කාගාමේ ඝාතනය කිරිමට කුමන්ත්‍රණය කිරිම ඔහුට එල්ල වූ චෝදනාවයි.