ඉරිදා සහ පොහෝය දිනවලදී පෞද්ගලික පන්ති තහනම් කරමින් දහම් පාසල් අධ්‍යාපනය අනිවාර්ය කරන අනුමැතිය ළගදීම හිමි වන බව අමාත්‍ය ගාමිණි ජයවික්‍රම පෙරේරා මහතා පවසනවා.
[ot-video type=”youtube” url=”https://youtu.be/W0l3F1atHiM”]
සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය, බුද්ධ ශාසන අමාත්‍යාංශය හා එක්ව සංවිධාන කළ උත්සවයක් බණ්ඩාරනායක සම්මන්ත්‍රණශාලාවේදී පැවැත්වුණා. ඒ ගාමිණි ජයවික්‍රම පෙරේරා සහ විජයදාස රාජපක්ෂ යන අමාත්‍යවරුන්ගේ ප්‍රධානත්වයෙන්. 2018 බෞද්ධ සාහිත්‍ය උත්සවය සහ පානදුරාවාද ප්රතිකථනය යනුවෙන් එය නම් කර තිබුනා. වසරේ ප්රශස්ත බෞද්ධ සාහිත්‍ය කෘති සදහා සම්මාන පිරි නැමිමක්ද මෙහිදි සිදු කෙරුණා. අස්ගිරි පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය ආචාර්ය වරකාගොඩ ධම්මසිද්ධි ස්වාමින්වහන්සේ උත්සවයේ අනුශාසනාව සිදු කළා.
[ot-video type=”youtube” url=”https://youtu.be/ZtAALgAxxbM”]