පරිභෝජනයට නුසුදුසු කසළ කොත්තමල්ලි ගෝනි හැත්තෑවක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට පත් වුණා. වවුනියාව නෙලුකුලම් ප්රදේශයේදීයි සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙන්නේ. වවුනියාව පාරිභෝගික කටයුතු පිලිබද අධිකාරියේ නිළධාරින් වැටලීම සිදු කළා. කසළ කොත්තමල්ලි තොගය සොයා ගැනුණේ වී මෝලක සගවා තිබියදීයි. මේ පිලිබද පරික්ෂණයක් ආරම්භ කර ඇති බවයි පාරිභෝගික කටයුතු පිලිබද අධිකාරියේ සහකාර මාධ්‍ය අධ්යක්ෂ උපුල් බාලසූරිය මහතා සදහන් කරන්නේ.