චීනයට ඇමෙරිකාවෙන් යළිත් තීරු බදු ප්‍රහාර
Related Articles
චීනය සහ ඇමෙරිකාව අතර පවතින වෙළෙද යුද්ධය තවත් උත්සන්න කරමින් ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් චීන භාණ්ඩ රැසකට නැවත වරක් තීරු බදු පැනවීමට තීරණය කර තිබෙනවා.
ඇමෙරිකා ඩොලර් බිලියන දෙසීයක වටිනාකමින් යුත් චීන භාණ්ඩ රැසකටයි මෙසේ බදු පැනවීමට තීරණය කර ඇත්තේ. ඒ අනුව පාරිභෝගික භාණ්ඩ සහ විද්‍යුත් උපකරණ සදහා සියයට විසිපහක තීරු බද්දක් පනවා තිබෙනවා. නව තීරු බදු ඉදිරි කාලයේදී ක්‍රියාත්මක වනු ඇති බවටයි වාර්තා වන්නේ. ඇමෙරිකාව චීනයෙන් ආනයනය කරන භාණ්ඩ රැසකට මිට පෙරද තීරු බදු පැනවුවා. චීනයේ අසාධාරණ වෙළෙද ප්‍රතිපත්ති හේතුවෙන් මෙලෙස තීරු බදු පනවන බවයි ඇමෙරිකාව සදහන් කරන්නේ.