ෆ්ලෝරන්ස් චණ්ඩ මාරුතය පස් දෙනෙකු බිලි ගනී
Related Articles
ඇමෙරිකාවේ කැරොලයිනා ප්‍රාන්තයට බලපා ඇති ෆ්ලෝරන්ස් චණ්ඩ මාරුතය හේතුවෙන් පුද්ගලයින් පස් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
චණ්ඩ මාරුතයෙන් අධික වැසි ඇති වුණා. නිවාස දසදහසකට විදුලිය ද ඇණහිට තිබෙනවා. මේ වන විට පැයට කිලෝමිටර් 110 ක වේගයකින් සුළං හමා යන බවයි එරට කාලගුණ අංශ සදහන් කරන්නේ. මෙම චණ්ඩ මාරුතය නිවර්තන සුළි කුණාටුවක් බවට පරිවර්තනය වෙමින් තිබෙන බව ද ඔවුන් සදහන් කරනවා. එහි බලපෑම දරුණු විය හැකි බවයි අනතුරු අඟවන්නේ. කැරොලයිනා ප්‍රාන්තයේ මිලියන එකයි දශම හතක ජනතාවක් ඉවත් කිරිමට පියවර ගෙන තිබෙනවා. අධික වැසි හේතුවෙන් මේ වන විට අඩි දහයක පමණ ගංවතුර තත්ත්වයක්ද උතුරු කැරොලයිනා ප්‍රාන්තයේ ප්‍රදේශ කිහිපයකින් වාර්තා වනවා. චණ්ඩ මාරුතයේ බලපෑම ඉදිරි දින කිහිපයේද බලාපොරොත්තු විය හැකි බවයි කාලගුණ අංශ සදහන් කරන්නේ.