fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ප්‍රදේශ කිහිපයක් හෙට උණුසුම්

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 14, 2018 18:41

ප්‍රදේශ කිහිපයක් හෙට උණුසුම්

නැගෙනහිර පළාතේ මෙන්ම පොළොන්නරුව, මුලතිව් හා කිලිනොච්චි යන දිස්ත්‍රික්වල ඇතැම් ස්ථානවලට හෙට (15) දිනයේ උණුසුම් කාලගුණ තත්ත්වයක් පවතිනවා. එම උණුසුම් කාලගුණයෙන් ආරක්‍ෂා වන ලෙසටයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ.

දිවයිනේ බොහෝ ස්ථානවල අද (14) දිනයේ ද උණුසුම් කාලගුණ තත්ත්වයක් පැවතුණා. හෙට (15) දිනයේ ද එය අපේක්‍ෂා කළ හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ. උෂ්ණත්වය ඉහළ යාම ශරීරයට දැනෙන තත්ත්වයක්. එහෙත් එය උපරිම වායුගෝලීය උෂ්ණත්වය වන්නේ නැති බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ. ඒ අනුව අවශ්‍ය තරම් ජලය පානය කරන ලෙස සෞඛ්‍ය අංශ දැනුම් දෙනවා. විවේක ගන්නා විට සෙවණ ඇති ස්ථානයක් තෝරාගත යුතුයි. කුඩා දරුවන් වාහන තුළ තනිව රඳවා නොයන ලෙස ද දැනුම් දෙනවා. වැඩිහිටි හා රෝගී පුද්ගලයින් පිළිබඳ සැළකිලිමත් විය යුතුයි. එළිමහනේ අධික වෙහෙසකාරී කටයුතු සීමා කරන ලෙසයි සෞඛ්‍ය අංශ සඳහන් කරන්නේ.

 

 

 

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 14, 2018 18:41

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්