fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

2020 දී නිදහස් පක්ෂයේ අරමුණ මහ ලේකම් කියයි

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 14, 2018 17:59

2020 දී නිදහස් පක්ෂයේ අරමුණ මහ ලේකම් කියයි

2020 දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කේන්ද්‍ර කරගත් ආණ්ඩුවක් සෑදීම පක්ෂයේ අරමුණ බව එම පක්ෂයේ මහ ලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා පවසනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවති ලේ දන්දීමේ වැඩසටහනට සහභාගි වෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා.

ශ්‍රී ලංකා නිදහස් වෘත්තීයවේදීන්ගේ සංවිධානයයි ලේ දන්දීමේ වැඩසටහන සංවිධාන කලේ. ඒ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ඡන්ම දිනය සහ පක්ෂයේ 67 වන සංවත්සරය වෙනුවෙන්. හමුදා නිලධාරීන් ඇතුළු විශාල පිරිසක් මේ සදහා සහභාගි වුණා. ශ්‍රී ලංකා නිදහස් වෘත්තීයවේදීන්ගේ සංවිධානයේ සභාපති නීතීඥ කොග්ගල බන්දුල වෙල්ලාල මහතා ඇතුළු එම සංවිධානයේ නියෝජිතයින් මෙම අවස්ථාවට එක්ව සිටියා.

 

 

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 14, 2018 17:59

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්