fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ශ්‍රී ලංකාවේ වෙළෙදපොළට අපි බලපෑම් කරන්නෙ නෑ

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 14, 2018 17:42

ශ්‍රී ලංකාවේ වෙළෙදපොළට අපි බලපෑම් කරන්නෙ නෑ

ඉන්දියාව කිසි දිනෙක ශ්‍රී ලංකාවේ වෙළෙදපොළට කිසිදු බලපෑමක් කරන්නේ නැති බව ශ්‍රී ලංකාවේ ඉන්දීය මහා කොමසාරිස් තරංජිත් සිං සන්දු මහතා පවසනවා.  ඉන්දීය වෙළෙදපොළ ශ්‍රී ලංකාවේ වෙළෙදපොළ මෙන් සිය ගුණයක් විශාල බවයි ඒ මහතා සදහන් කරන්නේ. ත්‍රිකුණාමලයේදී නැගෙනහිර පළාත් රාජ්‍ය නිලධාරීන් අමතමින් මහ කොමසාරිස්වරයා මේ බව සදහන් කළා.

ශ්‍රී ලංකාවේ ඉන්දීය මහා කොමසාරිස් තරංජිත් සිං සන්දු

” ඔබ හැමදෙනාම දන්නවා අද වන විට ඉන්දීය වෙළෙදපොළ කියන්නේ ශීඝ්‍රයෙන් සංවර්ධනය වන ආර්ථිකයක් හිමි තැනක්. මේ හරහා හැම රටකටම ඉන්දීය වෙළෙදපොළට ඇතුළු විය හැකියි. ලංකාවටත් එහෙමයි. ලෝකයේ සෑම බලවත් ආර්ථිකයක් හිමි රටක්ම ඉන්දීය වෙළෙදපොළට එන්න ඕන. ශ්‍රී ලංකාව අපේ සමීපම රට. ඒ නිසා ලංකාවට ඉන්දීය වෙළෙදපොළට අවතීර්ණ වෙන්න ලොකු අවස්ථාවක් තිබෙනවා. පුවත්පත්වල තිබෙනවා ඉන්දියාවට ශ්‍රී ලාංකික වෙළෙදපොළට ඇතුළු වෙන්න අවශ්‍යයි කියලා. එය එසේ නොවෙයි.” 

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 14, 2018 17:42

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්