fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

20 වන සංශෝධන යෝජනාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනිද? නඩුව ලබන සදුදා

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 14, 2018 17:27

20 වන සංශෝධන යෝජනාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනිද? නඩුව ලබන සදුදා

විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන යෝජනාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි යැයි ප්‍රකාශ කරන මෙන් ඉල්ලා ගොනු කළ පෙත්සම් 12ක් ශ්‍රේෂ්ඨාධිකරණයේදි විභාගයට ගැනුණා. ජනතා විමුක්ති පෙරමුණ පසුගිය  පස්වනදායි මෙම යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ.

යෝජනාව නීතියක් බවට පත් වීමට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයක් සහ ජනමත විචාරණයකින් සම්මත විය යුතු බවට ප්‍රකාශයට පත් කරන ලෙසටයි පෙත්සම්කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටියේ. මේ සම්බන්ධයෙන් කරුණු දැක්වු ජනාධිපති නීතිඥ එම් ඒ සුමන්දිරන් මහතා පැවසුවේ විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමට මෙරට ජනතාව කිහිප වතාවක්ම තම අනුමැතිය ලබා දී ඇති බවයි. නඩුව ලබන සදුදාට කල් තැබුණා.

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 14, 2018 17:27

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්