ප්‍රසන්න සහ ඔහුගේ බිරිදට එරෙහි නඩුව කල්යයි
Related Articles
බස්නාහිර පළාත් හිටපු මහ ඇමති පාර්ලිමේන්තු මන්ත්‍රි ප්‍රසන්න රණතුංග මහතා සහ ඔහුගේ බිරිදට එරෙහි නඩුව කොළඹ මහාධිකරණයේදී අද (14) විභාගයට ගැණුනා. කොළොන්නාව මීතොටමුල්ල ප්‍රදේශයේ ඉඩමකින් අනවසර පදිංචිකරුවන් ඉවත් කර එම ඉඩම නිරවුල් ලෙස ලබාදීමට ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් මිලියන 64ක මුදලක් බලෙන් ලබාගැනීම ඔවුන්ට එරෙහි චෝදනාවයි.
2015 වසරේ අප්‍රේල් මස 10 වනදා සිට ජුනි මස 02වනදා අතර කාලය තුළ මෙම අපරාධය සිදු කර ඇති බවට අධි චෝදනා 15 ක් නීතිපතිවරයා ගොනුකර තිබුණා. මීට පෙර සාක්ෂි දුන් නඩුවේ ප්‍රධාන සාක්ෂිකරු වන ජෙරාඩ් මෙන්ඩිස් නමැති ව්‍යාපාරිකයා ප්‍රකාශ කළේ ප්‍රසන්න රණතුංග මහතා සිය බිරිදගේ සහෝදරයා හරහා මෙම කප්පම් ලබාගැනීම හා ගනුදෙනු කිරීම් සිදුකළ බවයි. ඒ අනුව තමන් සහ බිරිද ජීවිත ආරක්ෂාව පතා චෙක්පත් 11 ක් අත්සන්කර දුන් බව සාක්ෂිකරු වැඩිදුරටත් ප්‍රකාශ කළා. නඩුවේ වැඩිදුර සාක්ෂි විමසීම ලබන මස 04 වනදාට කල්තැබුණා.