fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

යුද හමුදා පැරා මලල ක්‍රීඩා තරගාවලිය ලබන 19 වනදා

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 14, 2018 15:29

යුද හමුදා පැරා මලල ක්‍රීඩා තරගාවලිය ලබන 19 වනදා

යුද හමුදා පැරා මලල ක්‍රීඩා තරගාවලිය ලබන 19 වනදා දියගම ක්‍රීඩා පිටියේ දී පැවැත්වීමට නියමිතයි.

මෙවර තරගාවලියට ක්‍රීඩකයින් 700 දෙනෙකු එක්වනු ඇති. ඔවුන් ඉසව් 72 ක් යටතේ තරගබිමට පිවිසෙනවා. ඒ ශාරීරික ආබාධ සහිත  දෘෂ්‍යාබාධිත හා රෝදපුටු අංශ යටතේයි. තරගාවලිය පිළිබද දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් කොළඹ ආරක්ෂක මාධ්‍ය මධ්‍යස්ථානයේ දී පැවැත්වුණා. පැරා ක්‍රීඩා කමිටුවේ සභාපති මේජර් ජනරාල් ඩී පී ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙනුයි එය පැවැත්වුණේ. මෙවර ක්‍රීඩා උළෙලේ සමාරම්භක උළෙල යුද හමුදාපති මහේෂ් සේනානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතයි.

 

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 14, 2018 15:29

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්