Life+News The Official News Portal of Independent Television Network Ltd

ජගත් මහා මණ්ඩලයේදී ශ්‍රී ලංකාව ගැන නව යෝජනාවලියක්

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 14, 2018 17:45

ජගත් මහා මණ්ඩලයේදී ශ්‍රී ලංකාව ගැන නව යෝජනාවලියක්

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ වාර්ෂික සැසිවාරය හමුවේ මේ මස 25 වන දින ශ්‍රී ලංකාවට අදාළ නව යෝජනාවලියක් ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසනවා. ජනාධිපතිතුමා මේ අදහස් පළ කළේ අද (14) පෙරවරුවේ මාධ්‍ය ආයතන ප්‍රධානීන් හමුවූ අවස්ථාවේදීයි.

කොටුව ජනාධිපති මන්දිරයේදී ජනාධිපතිතුමා මාධ්‍ය ප්‍රධානීන් මුණගැසුනා. එහිදී ජනාධිපතිතුමා පෙන්වා දුන්නේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිෂන් සභාව ශ්‍රී ලංකාවට ඉදිරිපත් කර ඇති යෝජනා ක්‍රියාත්මක කිරීමේ දී සහන ලබාගැනීම මෙන්ම රටේ ස්වාධීනත්වයට, ජාතික ආරක්ෂාවට සහ ත්‍රිවිධ හමුදාවේ ගෞරවයට හානියක් නොවන අයුරින් කටයුතු කිරීම පිළිබඳ එම යෝජනාවලියේ කරුණු ඇතුළත් බවයි. මෙම යෝජනාවලිය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබද කොමසාරිස්වරිය වෙත මෙන්ම එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම්වරයා වෙතද ලිඛිතව භාරදීමට අපේක්ෂා කරන බව ජනාධිපතිතුමා තවදුරටත් සදහන් කළා. එහිදී සැකකරුවන් අත්අඩංගුවට ගෙන රිමාන් භාරයේ රඳවා ගත්තද එම කිසිවෙකුට මෙතෙක් නඩු පවරා නොතිබීම හේතුවෙන් මතුව ඇති ගැටලුකාරී තත්ත්වය පිළිබදව ද ජනාධිපතිතුමා පැහැදිලි කළා.

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 14, 2018 17:45
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

Your e-mail address will not be published.
Required fields are marked*

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්