fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ශ්‍රී ලංකාවේ මාතෘ හා ළමා මරණ අනුපාතය තවත් පහළට

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 14, 2018 12:40

ශ්‍රී ලංකාවේ මාතෘ හා ළමා මරණ අනුපාතය තවත් පහළට

ශ්‍රී ලංකාවේ ළමා හා මාතෘ මරණ අනුපාතය ඇමෙරිකානු මට්ටමේ පවතින බව යුනිසෙෆ් සංවිධානය ප්‍රකාශකර තිබෙනවා. එසේම ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා කාර්යක්ෂම බවට ද ඔවුන් ප්‍රකාශකර ඇති බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ප්‍රකාශ කරනවා. සෞඛ්‍ය සේවා තවදුරටත් ඉහළ නංවන බවයි අමාත්‍යවරයා තවදුරටත් සදහන් කරන්නේ.

කොළඹ ද සොයිසා කාන්තා රෝහලේ නව සිව්මහල් ගොඩනැගිල්ල විවෘත කීරීමේ උත්සවය අමතමින් අමාත්‍ය රාජිත සේනාරත්න මහතා මෙම අදහස් පළකළා. ඒ සදහා වැයකෙරුණු මුදුල රුපියල් මිලියන 325 ක්. නව ඡන්ම ඒකකයක් , රසායනාගාර සහ ලේ බැංකුවක් ඇතුළු පහසුකම් රැසකින් එය සමන්විතයි. මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා සදහන් කළේ රුපියල් මිලියන එකයි දශම දෙකක වියදමෙන් මෙම රෝහලට තවත් ගොඩනැගිල්ලක් ලබාදෙන බවයි. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.

 

 

 

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 14, 2018 12:40

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්