Life+News The Official News Portal of Independent Television Network Ltd

මෙහෙදි සිංහලෙනුයි එහෙදි ඉංග්‍රීසියෙනුයි කියන මහින්දගේ දෙපිටකාට්ටු කතා..

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 13, 2018 18:59

මෙහෙදි සිංහලෙනුයි එහෙදි ඉංග්‍රීසියෙනුයි කියන මහින්දගේ දෙපිටකාට්ටු කතා..

මහජන නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වන රටවල මැතිවරණ මගින් පාලකයන් තෝරා ගැනීම සිදු වේ. සීමාසහිත කාලසීමාවකට ආණ්ඩු බලය ලබන පක්ෂය කාලය අවසාන වෙද්දි ජනප්‍රියතාවය අඩු වී  විවිධාකර විවේචන, චෝදනා සහ විරෝධතාවලට ලක් වීම සාමාන්‍ය අත්දැකීමය.   එහෙත් අසාමාන්‍ය ලෙස වත්මන් ශ්‍රී ලංකාවේ අලුත් අත්දැකීම වී ඇත්තේ  විපක්ෂය යැයි පෙනී සිටින ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායම රටේ ජනතාව හමුවේ බොරුකාරයන් සහ විගඩම්කාරයන් බවට පත් වීමය.

මෙරට මෑත ඉතිහාසයේ ආණ්ඩුවක් මුහුණ දෙන අසීරුතම යුගය පසු කිරීමට වත්මන් ආණ්ඩුවට සිදුව තිබිණි. බරපතල අර්ථික අර්බුදයක් මුව විටේ තිබියදී භාර ගත් ආණ්ඩුව දැන් රටේ ආර්ථිකය ස්ථාවර කර ගැනිමට සමත් විය. ආර්ථික සම්බාධක දමා ජාත්‍යන්තරය හමුවේ අපවාදයකට ගොදුරු වීමේ අවධානමෙන් රට මුදා ගෙන තිබේ. ජාතීන් බේද බින්න කර ඇන කොටා ගන්නා තැනට පත් කර තිබූ රටේ සාමය සංහිඳියාව පිහි‍ටුවා තිබේ. නීතිය යුක්තිය බල්ලට දමා තිබූ යුගය මුලිනුපුටා දමා නීතියේ ආධිපත්‍යය පිහි‍ටුවීමටත් අධිකරණයේ ස්වාධීනත්වය ඇති කිරීමටත් සමත්ව තිබේ. ඉතිහාසයේ කවර ආණ්ඩුවක්වත් නොදැරූ වෙහෙසක් මානව හිමිකම් සුරක්ෂිත කිරීම වෙනුවෙන් වත්මන් ආණ්ඩුව යොදා තිබේ.  එසේම සංවර්ධනයේ සීඝ්‍රතම යුගය මෙය බව  තව වසරකින් දෙකකින් ඇස් පනාපිට දකින්න ලැබෙනු ඇත. පොහොසත් රටක් වෙනුවෙන් තිබූ සිහිනය සැබෑවෙන ලකුණු පහල වෙමින් තිබේ. ආණ්ඩුව දිනෙන් දින ජනතාවගේ විශ්වාසය දිනා ගනිමින් ජනප්‍රිය වෙමින් තිබේ.

මේ සියල්ල අතරේ රාජපක්ෂ කල්ලි රටේ ජනතාව හමුවේ බොරුකාරයන් විහිළුකාරයන් වීම පෙනෙන්නට තිබේ.  රාජපක්ෂ පාලන සමයේදී එල්ල වූ චෝදනා හමුවේ  මර්දනය සහ බොරුව පාවිච්චි කර ඒවායෙන් ගැලවෙන්න ගත් උත්සාහයන් අනන්තවත් තිබිණි.  රාජපක්ෂලාට විසඳුම් නැති ප්‍රශ්න හමුවේ මේ රටේ ජනතාවට බොරු කීවේය.  සරම කැහැපට ගසාගෙන චණ්ඩිකම් පෑවේය. එහෙත් ජාත්‍යන්තරය ඉදිරියේ දෙකට නැවී ඒ කියන හැටියකට ඉන්නවා යැයි කීවේය . මෙරටදී සිංහලෙන් බොරු කියා ඊට පරස්පර දේ පිටරටදී ඉංග්‍රීසියෙන් කීම රජපක්ෂලාගේ පුරුද්දක් විය.

ඊයේ පෙරේදා ඉන්දියාවට ගිය මහින්ද රාජපක්ෂ කළේ ද එයමය. රට වැසියා හමුවේ පෙන්වන ඉන්දියානු විරෝධය ඉන්දියාවට ගියාම නැත. මත්තල ගැන හෝ ඉන්දු ලංකා නිදහස් වෙළද ගිවිසුම ගැන  මෙහෙ කියන බොරු ඉන්දියාවේදී කිවේ නැත.  එහෙදි ඒවා හොඳ වැඩය.

තමන්ගේ  ජනාධිපති අපේක්ෂකයා සහෝදරයකු  බව මහින්ද ඉන්දියාවේදී කීවේ ඇත්තක්ද බොරුවක්ද යන්න ගැන ඔහුගේ දේශපාලන සහචරයන් දන්නෙ නැත.

දැන් වැඩියෙන්ම කලබල වී සිටින්නේ ඒකාබද්ධයේ කල්ලි කණ්ඩායම්ය. හෙට අනිද්දාට මේ කල්ලි එලිපිට ගහ ගන්නවා ද දැකිය හැකිය…

 

දැන්ට මේ ඇති.. සෙස්ස පස්සට..

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 13, 2018 18:59
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

Your e-mail address will not be published.
Required fields are marked*

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්