fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කංසා වගා කිරීමට අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක්

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 13, 2018 17:41

කංසා වගා කිරීමට අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක්

ආයුර්වේද ඖෂධ නිෂ්පාදනයට අවශ්‍ය කංසා වගා කිරීම සදහා අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත්කර ඇති බව අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසනවා. එය ඉදිරියේ දී සාකච්ඡාවට ගනු ඇති බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේ නාරහේන්පිට රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ අද (13) පෙරවරුවේ පැවති පළාත් දේශීය වෛද්‍ය අමාත්‍ය කමිටුවට එක්වෙමින්.

කැනඩාව සහ මහා බ්‍රිතාන්‍යය කංසා සදහා තිබූ තහනම මේ වනවිට ඉවත්කර තිබෙනවා. එය බලපාන්නේ ඖෂධ නිෂ්පාදනය සදහා වගාකරන කංසා සදහා පමණයි. ශ්‍රී ලංකාවේ ද කන්සා තහනම් කර තිබෙනවා. එය දුමක් ලෙස ඉරීමෙන් ගැටලුවක් වුවද ඖෂධීය පානයක් ලෙස භාවිතා කිරීමෙන් ගැටලුවක් ඇති නොවන බව අමාත්‍යවරයා පෙන්වා දුන්නා. ආයුර්වේද ක්ෂේත්‍රය සදහා අවශ්‍ය රස බෙහෙත් නිෂ්පාදනයට ද කංසා සහ අබිං ආදිය හිගවීම ගැටලුවක්ව තිබෙනවා. අනවසර කන්සා වගා බිම් වටලා පොලීසිය අත්අඩංගුවට ගන්නා කංසා කඩිනමින් ආයුර්වේද ඖෂධ සංස්ථාවට ලබාගැනීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බවද අමාත්‍යවරයා පැවසුවා.

 

 

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 13, 2018 17:41

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්