fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ශ‍්‍රී ලංකා නෙට්බෝල් කණ්ඩායමේ දක්ෂතා ජනපතිගේ ඇගයීමට

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 13, 2018 17:00

ශ‍්‍රී ලංකා නෙට්බෝල් කණ්ඩායමේ දක්ෂතා ජනපතිගේ ඇගයීමට

ආසියානු නෙට්බෝල් ශූරතාව දිනාගත් ශ‍්‍රී ලංකා නෙට්බෝල් කණ්ඩායම අද (13) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා හමු විය. එම කී‍්‍රඩිකාවන්ගේ දක්ෂතා අගය කළ ජනාධිපතිතුමා ඔවුන් වෙත සිය සුභාශීංසන පිළිගැන්වී ය.

තරඟාවලියේ දී කැපී පෙනන දස්කම් දක්වමින් ශී‍්‍ර ලංකා මාතෘ භූමියට අත්කර දුන් කීර්තිය පිළිබඳව ද මෙහිදී කී‍්‍රඩිකාවන් වෙත සිය ස්තූතිය පිරිනැමූ ජනාධිපතිතුමා ඔවුන්ගේ ඉදිරි කී‍්‍රඩා කටයුතු සාර්ථක කර ගැනීමට සිය ආශිර්වාදය පළ කළේය. එමෙන්ම එම කටයුතු සඳහා රජයෙන් ලබාදිය හැකි සෑම අනුග‍්‍රහයක්ම ලබාදෙන බවද ප‍්‍රකාශ කළේය.

මේ අතර 2018 කැරම් ලෝක ශූරතාවලිය හිමිකරගත් ශ‍්‍රී ලංකා පිරිමි කණ්ඩායම සහ කාන්තා අනුශූරතාවය හිමිකරගත් ශ‍්‍රී ලංකා කාන්තා කණ්ඩායම අද (13) ජනාධිපති කාර්යාලයේදී ජනාධිපතිතුමා හමු විය.

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 13, 2018 17:00

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්