fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මුහුදට මුසු වූ තෙල් ඉවත් කිරීමට නාවික හමුදා මෙහෙයුමක්

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 13, 2018 14:59

මුහුදට මුසු වූ තෙල් ඉවත් කිරීමට නාවික හමුදා මෙහෙයුමක්

මුහුදට මුසු වූ තෙල් ඉවත් කිරීමට නාවික හමුදාව මෙහෙයුමක් සිදු කළා.

උස්වැටකෙයියාව මුහුදු තීරයේ ඇති ඉන්ධන නලයකින් තෙල් කාන්දුවීම හේතුවෙන් දික්ඕවිට වෙරළතීරය ආශ්‍රිතව තෙල් එක් රැස් වී තිබුණා. එම තෙල් ඉවත් කිරීමට නාවික හමුදාව කටයුතු කළා. වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව ද ඊට සහාය වුණා. මෙම තෙල් මුහුදු තීරයෙහි පැවතීම හේතුවෙන් විශාල පරිසර හානියක් සිදුවීමට ඉඩ තිබුණා. එහෙත් එම ඉවත් කිරීම නිසා පරිසරය ආරක්ෂා කර ගැනීමට හැකිවූ බව නාවික හමුදාව පෙන්වා දෙනවා.  නාවික හමුදාවට අමතරව  යුද හමුදාවේ තුන්සීයකට අධික පිරිසක් ද මෙහෙයුමට දායක වුණා. ගුවන් හමුදාවද ඊට සහාය වුණා.

 

 

.

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 13, 2018 14:59

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්