fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අතුරුදන් වූ දැරියන් දෙදෙනෙකු සොයා මෙහෙයුම්

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 13, 2018 12:10

අතුරුදන් වූ දැරියන් දෙදෙනෙකු සොයා මෙහෙයුම්

දාහතර හැවිරිදි දැරියන් දෙදෙනෙකු අතුරුදන්ව ඇති බව තිස්සමහාරාම ප්‍රදේශයෙන් වාර්තා වනවා.

මෙම දැරියන් දෙදෙනා පසුගිය 31 වනදා සිට අතුරුදන්ව සිටින බවයි ඔවුන්ගේ ඥාතීන් පවසන්නේ. මේ සම්බන්ධයෙන් ඔවුන් තිස්සමහාරාම සහ හක්මන යන පොලිස් ස්ථාන දෙකටම පැමිණිලි කර තිබෙනවා. දහය වසරේ ඉගෙනුම ලබන මෙම දැරියන් දෙදෙනාගෙන් එක් දැරියක රුපියල් විසිපන්දහසක මුදලක් ද රැගෙන ගොස් තිබෙනවා. ඔවුන් දෙදෙනා හක්මන ප්‍රදේශයේ ඥාති නිවසකට පැමිණ ඇති බවට තොරතුරු ලැබී තිබූ බවයි ඥාතීන් පවසන්නේ. එම මුදලින් ජංගම දුරකතනයක් ද මිලදී ගෙන ඇති බවට අදාළ රිසිට්පත් හමුව තිබෙනවා. ඔවුන් එම නිවසින්ද අතුරුදන්ව සිටින බවත්, දැරියන් සොයා ගැනීමට මහජන සහාය පතන බවත් පොලීසිය පවසනවා.

 

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 13, 2018 12:10

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්