fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සැත්කමක් නොමැතිව ලංකාවේ පළමු වරට කළ හෘද කපාට බද්ධ කිරීම

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 13, 2018 10:59

සැත්කමක් නොමැතිව ලංකාවේ පළමු වරට කළ හෘද කපාට බද්ධ කිරීම

සැත්කමක් නොමැතිව හෘදයේ අවහිර වූ කපාට බද්ධ කිරීම ජාතික රෝහලේදී සාර්ථකව සිදු කර තිබෙනවා. ශ්‍රී ලංකාවේදී මෙවැනි  කටයුත්තක් සිදු කළේ පළමුවරටයි.

සැත්කමක් නොමැතිව රෝගීන් තුන් දෙනෙකුට කපාට බද්ධ කිරිම සිදුකර තිබෙනවා.  හෘදයේ අවහිරවූ කපාටය වෙනුවට බද්ධ කෙරු‍නේ  පාදයේ  කපාටයක්.   ලෝකයේ බොහෝ රටවල වසර ගණනාවක් පුරා මෙය සිදු කළද මෙය ශ්‍රී ලංකාවේ මෙලෙස බද්ධ කිරීම සිදුකෙරුණේ පළමුවරයි.

විශේෂඥ වෛද්‍ය සේපාලිකා මෙන්ඩිස් මහත්මිය ප්‍රමුඛ වෛද්‍ය කණ්ඩායමක් මේ සදහා දායක වුණා. සැත්කම්වලට යෝග්‍ය නොවන වයස්ගත පුද්ගලයන් සදහා මෙම බද්ධ කිරීම් සිදු කළ බවයි සේපාලිකා මෙන්ඩිස් මහත්මිය ප්‍රකාශ කළේ.

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 13, 2018 10:59

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්