26 වන වරටත් සංවිධාන කරන වෙළද සේවා පළමු පෙල ලීග් ක්‍රිකට් තරගාවලිය ලබන 15 වනදා සිට ආරම්භ කිරීමට නියමිතයි.
වෙළදසේවා ක්‍රිකට් සංගමය සංවිධාන කරන මෙවර තරගාවලියට අනුග්‍රාහකත්වය ලබා දෙන්නේ සිංගර් ශ්‍රී ලංකා ආයතනයයි. ලසිත් මාලිංග , උපුල් තරංග , තිලකරත්න දිල්ෂාන් වැනි ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් මෙම තරගාවලිය නියෝජනය කිරීමට නියමිතයි. භානුක රාජපක්ෂ , නිසාල් තාරක ආදී යොවුන් ක්‍රිකට් ක්‍රීඩකයින් ද තරගාවලිය නියෝජනය කරන බව නිවේදනය කර තිබෙනවා. තරගාවලියේ ලීග් තරග 45 ක් හා පිළිමලුන් පිටුදැකීමේ වටයේ තරග 09 ක් පැවැත්වීමට නියමිතයි.