fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඇමෙරිකාවේ ප්‍රාන්ත කිහිපයක ජනතාව ආරක්ෂිත ස්ථාන කරා යොමුකෙරේ

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 13, 2018 09:22

ඇමෙරිකාවේ ප්‍රාන්ත කිහිපයක ජනතාව ආරක්ෂිත ස්ථාන කරා යොමුකෙරේ

ඇමෙරිකාවේ නැගෙනහිර වෙරළ තීරයට ෆ්ලෝරන්ස් සුළිකුණාටුව ආසන්න වීමත් සමග ප්‍රාන්ත කිහිපයක මිලියන දෙකකට ආසන්න පිරිසක් ආරක්ෂිත ස්ථාන කරා යොමුකර තිබෙනවා.

මෙම සුළිකුණාටුව තුන්වන කාණ්ඩයට අයත් සුළි කුණාටුවක් ලෙස නැගෙනහිර වෙරළ තීරයෙන් ඇමෙරිකාවට ඇතුළු වන බවයි කාලගුණ අංශ පවසන්නේ. ඇමෙරිකාවට ඇතුළු වීමෙන් පසු  එය තවදුරටත් වර්ධනය විය හැකි බව ද  කාලගුණ අංශ සදහන් කරනවා. පැයට කිලෝමීටර 195ක වේගයෙන් මේ වන විට  සුළං හමා යමින් පවතිනවා. දකුණු සහ උතුරු කැරොලිනා  , වර්ජිනියා යන ප්‍රාන්තවලට කුණාටුවෙන් වැඩි බලපෑම් එල්ල වනු ඇති බවටයි  අනතුරු අගවා තිබෙන්නේ.  ප්‍රාන්ත කිහිපයකට හදිසි තත්ත්වයන්ද ප්‍රකාශයට පත් කර තිබෙනවා.

 

 

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 13, 2018 09:22

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්