fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ජොන්ස්ටන් ප්‍රනාන්දු යළි රිමාන්ඩ්

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 12, 2018 19:14

ජොන්ස්ටන් ප්‍රනාන්දු යළි රිමාන්ඩ්

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුළු සැකකරුවන් තුන්දෙනා හෙට දිනය දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. සතොස හිටපු සභාපති නලින් ප්‍රනාන්දු සහ අමාත්‍යවරයාගේ හිටපු පෞද්ගලික ලේකම් මොහොමඩ් සාකීර් යන අයයි මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කෙරුණේ.

පසුගිය වයඹ පළාත් සභා මැතිවරණයේදී සතොස ආයතනයේ මුදල් අවභාවිත කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මොවුන්ට චෝදනා එල්ල වී තිබෙනවා. අදාළ නඩුව කුරුණෑගල මහාධිකරණයේදී අද කැද වූ අවස්ථාවේදී නඩුවට අදාළ සාක්ෂි විමසීම සිදු කෙරුණා. වැඩිදුර සාක්ෂි විමසීම හෙට දිනට කල් තැබීමටයි මහේස්ත්‍රාත්වරිය නියෝග කළේ.

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 12, 2018 19:14

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්