fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

නොමුරා හෝල්ඩින්ග්ස් කල අණාවරණය අසත්‍යයක්

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 12, 2018 18:16

නොමුරා හෝල්ඩින්ග්ස් කල අණාවරණය අසත්‍යයක්

ශ්‍රී ලංකාව විනිමය අර්බුධයකට ලක් වීමේ අවධානමකට මුහුණදී තිබෙන බවට ජපාන මූල්‍ය සමූහයක් වන නොමුරා හෝල්ඩින්ග්ස් කල අණාවරණය මුළුමනින්ම අසත්‍යයක් බව ශ්‍රී ලංකා මහබැංකුව අවධාරණය කරනවා. නොමුරා වාර්තාවට අනුව අවධානමක් ඇති රටවල් ලෙස ඔවුන් දක්වා ඇත්තේ දකුණු අප්‍රිකාව, ආජන්ටිනාව, පාකිස්තානය, ඊජිප්තුව, තුර්කිය, යුක්‍රේනය හා ශ්‍රී ලංකාවයි.  දකුණු අප්‍රිකාව හා පාකිස්ථානය හැරුණු විට සෙසු රටවල් විනිමය අර්බුධයකට මුහුණදී ඇති  බව හෝ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැඩසටහනට අනුගතව කටයුතු කරමින් සිටින බව එහිදී අවධාරණය කර තිබෙනවා.

ජාත්‍යන්තර මාධ්‍ය රැසක්ම මේ සම්බන්ධයෙන්  වාර්තා කර සිටින අතර ඩබ්ලිව්.ඩබ්ලිව්.ඩබ්ලිව්.ඩොට් එෆ්.ටී වෙබ් අඩවියෙහි පලවූ වාර්තාවක් මගින් ඩොලර් බිලියන 160 ක ඉතා විශාල කෙටි කාලීන ණය පවතින බැවින් ප්‍රතිමූල්‍යනයක අවශ්‍යතාව දැඩිව පවතින රටක් ලෙසින් ශ්‍රී ලංකාව හදුන්වාදී ඇත. මෙලෙස අදාළ වෙබ් අඩවිය වාර්තා කර තිබෙන්නේ ශ්‍රී ලංකාවේ කෙටි කාලීන විදේශ ණය ඩොලර් බිලියන 160 ක ප්‍රමාණයක් වත් නැති අවස්ථාවක හා ශ්‍රී ලංකාවේ වත්මන් ඇස්තමේන්තු ගත කිරීම්වලට අනුව කෙටි කාලීන ණය හා වගකීම් ඩොලර් බිලියන 14.3 ක්  පමණක් පවතින අවස්ථාවකදීයී. එම පුවත වහාම  නිවරදි කරන්නැයි ශ්‍රී ලංකා මහබැංකුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා නොමුරා හෝල්ඩින්ස් සභාපති, සමූහ ප්‍රධාන විධායක වෙත ලිපියක් මගින් දැනුම් දී තිබෙනවා. පවතින ගෝලීය අවිනිශ්චිත වාතාවරණය තුළ මෙවැනි සාවද්‍ය වාර්තා මගින්  ආයෝජකයින් තුළ කැලඹීමක් ඇති කිරීමට දරණ උත්සායක් බව පෙනී යනු ඇත. ඒ තුළින් සිදු වන්නේ ශ්‍රී ලංකාවට පිරිමැසිය නොහැකි හානියකි.

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 12, 2018 18:16

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්