ඊයේ ඉන්දියානු ශ්‍රේෂ්ඨාධිකරණය දැඩි තීන්දුවක් මෙන්ම සුවිශේෂී තීන්දුවක් දුන්නා. ඒ ව්යාඝ්ර දේනූවක් සම්බන්ධව. ඒ මහාරාෂ්ඨ ප්‍රන්තයේ රාලෙගාවෝන් රක්ෂිතය අවට මිනිස් මරණ පහකට වග කිව යුතු මීනිකන්නෙක් ලෙස හදුන්වන ව්යාඝ්ර දෙනට මරණ වරේන්තු නිකුත් නොකරන මෙන් එරට සත්වවේදීන් ඉල්ලා තිබූ ඉල්ලීමක් නොසලකා හැරීමෙන්.
T1 යන කේත නාමයෙන් හදුන්වන මේ ව්යාඝ්ර දෙන හා පැටවුන් දෙදෙනා මිනිස් මරණ පහකට වගකිව යුතු බව එරට වනජීවි අංශ පවසන අතර සාමාන්‍යයෙන් සංරක්ෂණයේදි මිනිකන්නෙක් නිර්වින්දනය කිරීම යනු දෙවන අදියරේ අංගයකි. මන්ද බොහෝ විට සිදු කරන්නෙ සතාව ඝාතනය කිරීමට ක්‍රියා කිරීමයි. නමුත් එරට සත්ව හිතවාදීන් පවසන්නෙ මේ මරණ වලට වගකිව යුත්තෙ වෙනත් ව්‍යාඝ්‍රයෙක් බවයි.
කෝබට් තියරිය නැතිනම් ඉන්දියාව බ්‍රිතාන්‍යයේ යටත් විජිතයක්ව පැවති සමයේ සිටි මිනිකන ව්යාඝ්රයින් හා කොටින් දඩයම් කල ජිම් කෝබට් ගෙ නමින් හදුන්වන තියරිය වන්නෙ මනුෂ්‍ය ඝාතන 3 ක් අතික්‍රමණය කරන හා මලසිරුරුකින් 50% කට වඩා ආහාරයට ගන්නා විලෝපිකයෙක් මිනිකන්නෙක් ලෙසයි. මෙවර ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවට එරට වනජීවි අංශ වල තුරුම්පුව වූයෙත් මේ ව්යාඝ්ර දෙනගෙ මනුෂ්‍ය ඝාතනයි. කෙසේ වූවත් මේ කෝබට් තියරිය බොහෝ සත්වවේදින් පිලිගන්නෙ නැති නමුත් බොහෝ විට නිවරැදි වන තියරියක් බව කිව යුතුය.
කෙසේ වුවත් ගැටලුව නම් මේ ව්යාඝ්ර දේනුවගෙ පැටව් දෙදෙනා දඩයම් වයස නැතිනම් මාස 9 ක පැටවුන් වන නිසාත් මේ පැටවුන් ද මිනිමස් වලට පුරුදු වී ඇතිබවට ඇති සැකයයි. මන්ද මවගේ දඩයම් වලින් පෝෂණය වන පැටවුන් බොහෝ විට එම ආහාර රටා වලට පුරුදු වන අතර මේ පැටවුන්ද මවගෙන් මිදී ගිය පසු මිනිකන සතුන් වේවි යන සැකය වනජීවි අංශ වලට බලපා ඇත. සිහිනැති කර ජීවග්රහයෙන් අල්ලා ගැනීම නැත්නම් Tranquilize කිරීමට ඇති අසීරුව නම් එයට යොදන Darts බොහෝ විට කෙටි දුරකට පමණක් භාවිතා කිරීමට හැකි ඒවා වන අතර බොහෝ විට සතුන් ඝාතනය කිරීම හැර වෙන විකල්පයක් නැත.
– සෙතිල් මුහන්දිරම් –