fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සුහුරු පන්තිකාමර සංකල්පය සබරගමුව පළාතටත්

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 12, 2018 15:47

සුහුරු පන්තිකාමර සංකල්පය සබරගමුව පළාතටත්

නිදහස් අධ්‍යාපනයේ සම අවස්ථා සියලු සිසු දරුවන් වෙත ලබාදීමේ අරමුණින් ක්‍රියාත්මක සුහුරු පන්තිකාමර සංකල්පය සබරගමුව පළාතේ පාසල් තුළද ක්‍රියාත්මක කිරීමට පියවර ගැනුණා.

මෙහි සමාරම්භක උත්සවය සබරගමුව ආණ්ඩුකාර නිලූකා ඒකනායක මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. සබරගමුව පළාතේ පාසල් 103 ක් සදහා අවශ්‍ය උපකරණ බෙදාදීමයි මෙහිදී සිදු කෙරුණේ. ඒ සදහා රජය වැය කළ මුදල රුපියල් ලක්ෂ 800 ක්. නගරයේ පාසල් තුළ අධ්‍යාපනය ලබන සිසුන්ට ලබා දෙන මානව හා භෞතික පහසුකම් දුෂ්කර   ගම්බද පාසල් සදහා ද ලබාදීමේ අරමුණින් වැඩපිළිවෙල ක්‍රියාත්මකයි. සබරගමුව පළාත්  ප්‍රධාන ලේකම් හේරත් පී කුලරත්න , පළාත් අධ්‍යාපන ලේකම් මහින්ද එස් වීරසූරිය යන මහත්වරුන් ඇතුළු නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා.

 

 

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 12, 2018 15:47

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්