Life+News The Official News Portal of Independent Television Network Ltd

”ජොනීගේ නඩුව වාරණය ගැන” ව්‍යවස්ථාවේ තියෙන්නේ කොහොමද?

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 12, 2018 15:07

”ජොනීගේ නඩුව වාරණය ගැන”  ව්‍යවස්ථාවේ තියෙන්නේ කොහොමද?

හිටපු ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට එරෙහිව පොදු දේපොළ පනත යටතේ පවරා ඇති නඩුව ආවරණය කිරීමට මාධ්‍යවේදීන්ට කුරුණෑගල මහාධිකරණයෙන් ඊයේ (11) අවසර නොලැබිණි.

සතොස ආයතනයේ රුපියල් මිලියන 5.2 ක මුදල් අවභාවිතාවක් සම්බන්ධයෙන් හිටපු ඇමැතිවරයා ඇතුළු සැකකරුවන් තිදෙනකුට එරෙහිව මේ නඩුව පවරා තිබේ. මහාධිකරණයේ ගේට්ටුවේ සිටි පොලිස් නිලධාරීන් මාධ්‍යවේදීන්ට පවසා ඇත්තේ විනිසුරුවරයාගේ උපදෙස් පිට මේ තීරණය ගෙන ඇති බවයි. එහෙත් ඊට කිසිදු නිශ්චිත හේතුවක් දැක්වීමට ඔවුන් අපොහොසත් වී තිබේ.

මේ නඩුව නැරඹීමට ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු හිටපු ඇමැතිවරයාගේ ආධාරකරුවන් විශාල පිරිසක් පැමිණ සිටියදී, මාධ්‍යවේදීන්ට අධිකරණ භූමියට ඇතුළු වීමට ඉඩ නොදීම ගැටළුවක් බව නීතිවේදීන්ගේ අදහසයි.

කෙසේ වෙතත් ප්‍රසිද්ධ නඩු විභාග පැවැත්වීම සම්බන්ධයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මෙසේ සඳහන් වේ.

‘106 (1) ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ පිහිටුවන ලද නැතහොත් පාර්ලිමේන්තුව විසින් නියම කොට පිහිටුවන ලද සෑම අධිකරණයකම, සෑම විනිශ්චය අධිකාරයකම හෝ වෙනත් සෑම ආයතනයකම නඩු විභාග, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන වලට යටත්ව ප්‍රසිද්ධියේ පැවැත්විය යුත්තේය. සියලු තැනැත්තන්ට, ඒ නඩු විභාගවලට නිදහසේ පැමිණ සිටීමට හිමිකම් ඇත්තේය.

(2) එවැනි යම් අධිකරණයක, විනිශ්චය අධිකාරයක හෝ වෙනත් ආයතනයක විනිශ්චයකාරවරයකු හෝ මූලාසනාරූඪ නිලධාරියකු විසින් යෝග්‍ය යැයි තමන් සලකන කවර අවස්ථාවකදී වුවද ස්වකීය අභිමතය පරිදි,

(අ) පවුලේ අන්‍යෝන්‍ය සම්බන්ධතා පිළිබඳ නඩු කටයුතුවලදී. හෝ

(ආ) ලිංගික කාරණා පිළිබඳ වූ නඩු කටයුතුවලදී. හෝ

(ඇ) රාජ්‍ය ආරක්ෂාව හෝ මහජන ආරක්ෂාව තහවුරු කිරීම පිණිස. හෝ

(ඈ) ඒ අධිකරණයේ, විනිශ්චය අධිකාරයේ හෝ වෙනත් ආයතනයේ සීමාව ඇතුළත යථා පැවැත්ම සහ සුරක්ෂිතභාවය තහවුරු කිරීම පිණිස,

ඒ අධිකරණයේ, විනිශ්චය අධිකාරයේ හෝ වෙනත් ආයතනයේ නඩු කටයුතුවලට කෙලින්ම සම්බන්ධතාවක් නොමැති තැනැත්තන්, ඉන් බැහැර කළ හැක්කේය.

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 12, 2018 15:07
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

Your e-mail address will not be published.
Required fields are marked*

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්