ජාතික පාසල් බැඩ්මින්ටන් තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා හා ක්‍රීඩිකාව නම් කිරීම අධ්‍යාපන අමාත්‍යාංශය තාවකාලිකව නතරකර තිබෙනවා. ඒ ඉදිරිපත් වූ විරෝධතාවක් හේතුවෙනුයි. කොළඹ රාජකීය විද්‍යාලයීය ගෘහස්ථ ක්‍රීඩා පිටියේ පැවති තරගාවලියට ක්‍රීඩක ක්‍රීඩිකාවන් 189 දෙනෙකු එක්ව සිටියා. තරගාවලියේ වයස අවුරුදු 17 න් පහළ බාලක අංශයේ ශූරතාව කොළඹ නාලන්ද විදුහල දිනාගත්තා. එහි බාලිකා ශූරතාව හිමිවූයේ කොළඹ විශාකා විද්‍යාලයටයි. වයස අවුරුදු 20 න් පහළ බාලක අංශයේ ශූරතාව කොළඹ ආනන්ද විද්‍යාලය දිනාගනිද්දී අනුශූරතාව හිමිවූයේ කොළඹ රාජකීය විද්‍යාලයටයි. එහි බාලිකා අංශයේ ශූරතාව සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලය දිනාගත්තා. අනුශූරතාව හිමිවූයේ කොළඹ විශාකා විද්‍යාලයටයි. කෙසේ වෙතත් තරගාවලියේ දක්ෂතම ක්‍රීඩිකාව නම්කිරීම සම්බන්ධයෙන් කොළඹ විශාකා විද්‍යාලයෙන් විරෝධතාවක් ඉදිරිපත් වුණා. මේ අනුව අධ්‍යාපන අමාත්‍යාංශයේ පාසල් ක්‍රීඩා අධ්යක්ෂ මංජුල කාරියවසම් මහතා එය ප්‍රකාශයට පත්කිරීම තාවකාලිකව නතර කර තිබෙනවා.
මංජුල කාරියවසම් – පාසල් ක්‍රීඩා අධ්යක්ෂ,
[ot-video type=”youtube” url=”https://youtu.be/h101BGxdU-A”]