fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

හිටපු ලුතිනන් කමාන්ඩර් චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි යළි රිමාන්ඩ්

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 12, 2018 12:06

හිටපු ලුතිනන් කමාන්ඩර් චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි යළි රිමාන්ඩ්

පසුගිය රජය සමයේ තරුණයන් 11 දෙනෙකු  පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි නාවික හමුදාවේ හිටපු ලුතිනන් කමාන්ඩර් චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි ලබන 26 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

වසර 2008, 2009  කාලයේදී  තරුණයන් 11 දෙනෙකු අතුරුදන් කිරීමේ  චෝදනාව මත අත්අඩංගුවට ගත් චන්දන හෙට්ටිආරච්චි කොටුව මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය හමුවට අද යළි ඉදිරිපත් කළා. එහිදි කොටුව මහේස්ත්‍රාත්වරිය නියෝග කළේ ලබන 26 වනදා දක්වා සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි.  තරුණයන් 11 දෙනෙකු  අතුරුදන් කිරීමේ සිද්ධියේ සැකකරු වන හිටපු ලුතිනන් කමාන්ඩර් චන්දන හෙට්ටිආරච්චිට සැඟව සිටීමට හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණවර්ධන මහතා ආධාර දි ඇති බවට චෝදනා එල්ල වී තිබුණා.  ඔහුට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ලබන 19 වනදා පැමිණ ප්‍රකාශයක් ලබාදෙන ලෙසටද අධිකරණය අද දන්වා සිටියා. නාවික හමුදා හිටපු ලුතිනන්  කමාන්ඩර් චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි, පාර්ලිමේන්තු මන්ත්‍රී නඩරාජා රවිරාජ් මහතාගේ ඝාතන නඩුවේ සැකකරුවෙක් වූ අතර පසුව ඔහු ඇතුළු විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කෙරුණා.

 

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 12, 2018 12:06

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්