fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කිසිදා අමතක නොවෙන ” X – Files “

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 12, 2018 11:37

කිසිදා අමතක නොවෙන ” X – Files “

1993 වසරේ ඊයේ වගේ දවසක තමයි, “එක්ස් ෆයිල්ස්” ටීවී සීරිස් එක මුල් වරට ඇමරිකානු පුංචි තිරයට ආවේ…..සැප්තැම්බර් දහ වෙනිදා විකාශය වෙන්න තිබ්බ එක, පැය විසි හතරක් ප්‍රමාද වෙලා, පසුවදා විකාශය වුණේ… මොකද එවකට ඇමරිකාවේ එෆ්.බී.අයි වගේ ආයතන වල නම් ඈඳාගෙන කරන වැඩසටහන් එච්චර සුලභ නැති නිසා, විශේෂ අවසරයක් රාජ්‍ය දෙපාර්තමේන්තුවෙන් ගන්න සිද්ද වුණා….

ඇමරිකානු විද්‍යා ප්‍රබන්ධ ටෙලි වෘත්තාන්තයක් වන “X-Files” කතා මාලාව ක්‍රිස් කාටර් ගේ නිර්මාණයක්. 1993 ඉඳලා අවුරුදු 10ක්, ඒ කියන්නේ 2003 වෙනකන්ම මේ කතාව ඇමරිකානු Fox රූපවාහිනිය ඔස්සේ විකාශනය වුණා. ඔබට මතකද එහි සංගීත ඛණ්ඩය?? මේ පහතින් තියෙන්නේ පළමු කොටසේ ප්‍රචාරක පටයක්.

 

 

” TRUTH IS OUT THERE”… මේ අපි දන්න සුප්‍රකට වැකියක්. මෙහි චරිත හා ඇතැම් වැකි ජනප්‍රිය සංස්කෘතියක් බිහිකිරීමට මුල් වුණා කිව්වොත් ඔබ එකඟ වේවි. ඒ වගේම බොහෝ රසිකයන් තුළ නොමැකෙන මතකයන් තැබීමට සමත් වූ  ‘එක්ස් ෆ්යිල්ස්’ රූපවාහිනි කතාමාලාව ඇසුරින් සිනමා නිර්මාණ දෙකක් බිහි වුණා. ඒ “The X – Files”  හා  “I Want To Believe” යන චිත්‍රපටයි. ඒ වගේ ම “The Lone Gunmen”  ටෙලිවෘත්තාන්තයද මේ ඇසුරින් නිර්මාණය වුණා.

එෆ්.බී.අයි. පරීක්ශකයන් වන ෆොක්ස් මෝල්ඩර් (ඩේවිඩ් ඩචොව්නි ) හා ඩේනා ස්කලී (ගිලියන් ඇන්ඩර්සන්) එෆ්.බී.අයි. ආයතනයේ ‘එක්ස් ෆ්යිල්ස්’ ලෙස නම්කර ඇති අංශයේ කටයුතු කරනවා. ඔවුන්ගේ මේ අංශයට ලැබෙන්නේ විසඳීමට නොහැකිවූ අසාමාන්‍ය සිදුවීම් හා අපරාධයි.

 

ෆොක්ස් මෝල්ඩර් (ඩේවිඩ් ඩචොව්නි ) හා ඩේනා ස්කලී (ගිලියන් ඇන්ඩර්සන්)

 

ක්‍රිස් කාටර්

 

මෝල්ඩර් විශ්වාස කරනවා පිටසක්වළ ජීවින් කියලා කොට්ඨාසයක් පවතින බවට. ඉතින් ඔහු විවිධ පර්යේෂණ හා අපරාධ විසඳන අතරෙම ස්කලී කියන වෛද්‍යවරිය ඔහුට මේ සඳහා සහාය වෙනවා. මොවුන්ගේ මේ සොයා ගැනීම් ඇමරිකානු රජයෙන් සඟවා ගැනීමට ද මොවුන් දෙදෙනා වගබලා ගන්නවා. ඒ නිසාම විවිධ අනතුරුවලට මුහුණ දෙන්නටත් මේ නිසාම සිදු වෙනවා.

ඉතින් මුළු කතාවම කියන්න හැකියාවක් නැහැ. හැබැයි මෙවැනි කතා මාලාවක් බලන්න තරම් මානසිකත්වයක් නැති පොඩි වයසක මේක බලලා රෑට හීනෙන් බය වුණ අයත් මේක කියවනවා ඇති. ඒ සුන්දර කතාවට අවුරුදුම 25ක් වයසයි.

අපි තවමත් මෝල්ඩර් සහ ස්කලී ට ආදරෙයි…

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 12, 2018 11:37

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්