Life+News The Official News Portal of Independent Television Network Ltd

සංචාරකයින්ගේ පැමිණීම වැඩි කර ගැනීම සදහා නව වැඩපිළිවෙළක්

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 12, 2018 11:34

සංචාරකයින්ගේ පැමිණීම වැඩි කර ගැනීම සදහා නව වැඩපිළිවෙළක්

මෙරටට සංචාරක පැමිණීම අඩු කාලසීමාවේදී සංචාරකයින්ගේ පැමිණීම වැඩි කර ගැනීම සදහා නව වැඩපිළිවෙළක් සකස් කර තිබෙන බව අමාත්‍ය ජෝන් අමරතුංග මහතා පවසනවා. කොළඹ පැවති මාධ්‍ය හමුවකදි මේ බව හෙළි කෙරුණා.

සංචාරක අමාත්‍යාංශය සහ සංචාරක ව්‍යාපාරයට සම්බන්ධ විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන අංශ සම්බන්ධ කරගනිමින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට නියමිතයි. ගුවන් සමාගම්, සංචාරක හෝටල්, ප්‍රවාහන  ආදී ක්ෂේත්‍ර මීට ඇතුළත්. නව වැඩපිළිවෙළ හරහා සංචාරක ක්ෂේත්‍රයේ නියැලෙන්නන්ගේ ආදායම වර්ධනය කර ගත හැකි වනු ඇති බවයි අමාත්‍යවරයා සදහන් කළේ. ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන අධිකාරියේ සභාපති කුමාර ද සිල්වා මහතා ඇතුළු පිරිසක් මාධ්‍ය හමුවට එක්ව සිටියා.

අමාත්‍ය ජෝන් අමරතුංග,

 

 

 

 

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 12, 2018 11:34
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

Your e-mail address will not be published.
Required fields are marked*

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්