fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අන්තර් විශ්වවිද්‍යාල රග්බි ශූරතාව මොරටුව විශ්වවිද්‍යාලයට

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 12, 2018 09:59

අන්තර් විශ්වවිද්‍යාල රග්බි ශූරතාව මොරටුව විශ්වවිද්‍යාලයට

අන්තර් විශ්වවිද්‍යාල රග්බි තරගාවලියේ ශූරතාව දිනාගැනීමට මොරටුව විශ්වවිද්‍යාලය සමත් වුණා. කොළඹ තුරඟ තරග ක්‍රීඩා පිටියේ පැවති තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබාසිටියේ මොරටුව විශ්වවිද්‍යාල කණ්ඩායම හා පේරාදෙණිය විශ්වවිද්‍යාල කණ්ඩායමයි. තරගයේ පළමු අර්ධය නිමාවනවිට මොරටුව විශ්වවිද්‍යාලය ලකුණු 19 ක් ලබාගැනීමට සමත්වුණා. පේරාදෙණිය විශ්වවිද්‍යාලය ඒ වනවිට ලබාගෙන සිටියේ ලකුණු 10 ක් පමණයි. තරගය නිමාවනවිට මොරටුව විශ්වවිද්‍යාලය ලකුණු 40 ට 24 ක් ලෙස තරගයේ ජයග්‍රහණය හිමිකර ගැනීමට සමත්වුණා. තරගාවලියේ තුන්වන ස්ථානය සදහා පැවති තරගයේ දී කැලණිය විශ්වවිද්‍යාලය පරාජයට පත්කිරීමට කොළඹ විශ්වවිද්‍යාල කණ්ඩායම සමත්වුණා.

 

 

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 12, 2018 09:59

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්