fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සතුන් දඩයම් කර අලෙවි කිරීමේ ජාවාරමක නිරත වූ පුද්ගලයෙකු කොටුවෙයි

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 12, 2018 09:50

සතුන් දඩයම් කර අලෙවි කිරීමේ ජාවාරමක නිරත වූ පුද්ගලයෙකු කොටුවෙයි

සතුන් දඩයම් කර අලෙවි කිරීමේ ජාවාරමක නිරත වූ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම පුද්ගලයා කලක පටන් අංගමැඩිල්ල ජාතික වනෝද්‍යානයේ සතුන් දඩයම් කිරීමේ ජාවාරමක නිරත වී තිබෙනවා. එම සතුන්ගේ මස් ප්‍රධාන පෙළේ හෝටල් සදහා අලෙවි කිරීමටයි කටයුතු කර ඇත්තේ. අංගමැඩිල්ල ජාතික වනෝද්‍යානයේ සහ පොළොන්නරුව නව නගරයේ වනජීවී නිලධාරීන් එක්ව වැටලීම සිදුකර තිබෙනවා. බෝර දොළහේ ගිනි අවියක් සහ දඩයම් කළ සතුන් ද සැකකරු සතුව තිබියදී සොයාගැණුනා. ඔහු සමග සිටි තවත් සැකකරුවන් තුන්දෙනෙකු පළාගොස් ඇති අතර ඔවුන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බවයි වනජීවී නිලධාරීන් සදහන් කළේ.

 

 

 

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 12, 2018 09:50

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්