Life+News The Official News Portal of Independent Television Network Ltd

ආරක්ෂක සේවා හොකී තරගාවලිය මේ දිනවල පැවැත්වෙයි

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 12, 2018 09:45

ආරක්ෂක සේවා හොකී තරගාවලිය මේ දිනවල පැවැත්වෙයි

ආරක්ෂක සේවා හොකී තරගාවලිය මේ දිනවල කොළඹ කෘතිම හොකී ක්‍රීඩා පිටියේදී පැවැත්වෙනවා. ඊයේ (11) දිනයේ ආරම්භ වූ තරගාවලියේ ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වූයේ ආරක්ෂක සේවා සහ යුද හමුදා හොකී කමිටුවේ සභාපති යුද හමුදා විධායක ජනරාල් මේජර් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතායි. මෙවර තරගාවලියට ත්‍රිවිධ හමුදාව නියෝජනය කරමින් කාන්තා හා පිරිමි කණ්ඩායම් එක්ව සිටිනවා. තරගාවලියේ පළමු තරගය ලෙස පැවති ගුවන් හමුදා කාන්තා හොකී කණ්ඩායම හා යුද හමුදා කාන්තා හොකී කණ්ඩායම අතර තරගය ජය පරාජයෙන් තොරව නිමා වුණා. ගුවන් හමුදා පිරිමි කණ්ඩායම සමග පැවති තරගයෙන් පහසු ජයක් වාර්තා කිරීමට යුද හමුදා පිරිමි හොකී කණ්ඩායම සමත් වුණා.

 

 

 

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 12, 2018 09:45
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

Your e-mail address will not be published.
Required fields are marked*

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්