fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

රාජ්‍ය සාහිත්‍ය සම්මාන උලෙළ ජනපති ප්‍රධානත්වයෙන්

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 12, 2018 09:43

රාජ්‍ය සාහිත්‍ය සම්මාන උලෙළ ජනපති ප්‍රධානත්වයෙන්

2018 රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්‍රදානෝත්සවය උත්කර්ෂවත්ව පැවැත්වුණා. ඒ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්.

බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදීයි සම්මාන ප්‍රදානෝත්සවය පැවැත්වුණේ. සාහිත්‍යවේදියෙකුට ජීවිතයේ එක් වරක් පමණක් පිරිනැමෙන සාහිත්‍ය රත්න සම්මානය සිංහල , දෙමළ ,ඉංග්‍රීසි මාධ්‍යයන් වෙනුවෙන් පිරිනැමුණේ ජනාධිපතිතුමා අතින්. මහාචාර්ය කේ එන් ඕ ධර්මදාස , එම් පොන්නම්බලම් සහ මහාචාර්ය ගනණාථ ඔබේසේකර යන මහත්වරුන් සාහිත්‍ය රත්න සම්මාන හිමිකරගත්තා. මෙවර රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්‍රදානෝත්සවයේ හොඳම ස්වතන්ත්‍ර සිංහල කෙටි කතා සංග්‍රහයට හිමි සම්මානය දිනා ගත්තේ සුමුදු නිරාගී සෙනෙවිරත්නයි. ඒ ගිහින් එන්න කානිවල් කෘතිය වෙනුවෙන්. හොඳම ස්වතන්ත්‍ර සිංහල නවකතාව ලෙස විමල් උදය හපුගොඩආරච්චිගේ යකඩ සිල්පර කෘතිය සම්මාන හිමිකරගත්තා. හොඳම ශාස්ත්‍රීය හා පර්යේෂණ සිංහල ග්‍රන්ථයට හිමි සම්මානය ඉරෝමි ආරියරත්නගේ බෞද්ධ සුඛ සංකල්පය හා ආචාරධර්ම කෘතියට හිමිවුණා. හොඳම සිංහල ස්වතන්ත්‍ර ගීත රචනා සංග්‍රහයට හිමි සම්මානය සුනිල් සරත් පෙරේරාට හිමිවුණා. ඒ සඳකත්මිණ කෘතිය වෙනුවෙන්. හොඳම ස්වතන්ත්‍ර පද්‍ය සංග්‍රහයට හිමි සම්මානය සිංහල අංශය සඳහා දිනා ගත්තේ ගිරි මුදුන මගේ නිවහන කෘතිය වෙනුවෙන් සුනිල් විජේසිරිවර්ධනයි. හොඳම ස්වතන්ත්‍ර සිංහල නාට්‍ය කෘතියට හිමි සම්මානය එරික් ඉලයප්ආරච්චි දිනා ගත්තේ සොක්‍රටීස් ඔපෙරා පිටපත වෙනුවෙන්. සිංහල අංශයේ හොඳම යොවුන් සාහිත්‍ය කෘතියට හිමි සම්මානය හිඹුටුදෙණිය කඳුපාමුලින් කෘතිය වෙනුවෙන් පියසිරි මාතරගේට හිමිවුණා. තවත් අංශ ගණනාවක් යටතේ දෙමළ හා ඉංග්‍රීසි මාධ්‍යයන් වෙනුවෙන් ද සම්මාන පිරිනැමුණා. මෙහිදී අදහස් දැක්වූ අමාත්‍ය විජයදාස රාජපක්‍ෂ මහතා.

අමාත්‍ය විජයදාස රාජපක්‍ෂ,

ප්‍රවීණ සාහිත්‍යවේදීන් ඇතුලු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.

 

 

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 12, 2018 09:43

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්