fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කැලණිගඟේ දිය නෑමට ගිය සිසුවෙකු අතුරුදන්

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 12, 2018 09:25

කැලණිගඟේ දිය නෑමට ගිය සිසුවෙකු අතුරුදන්

රුවන්වැල්ල කරවනැල්ල ප්‍රදේශයෙන් කැලණිගඟේ දිය නෑමට ගිය සිසුවෙකු අතුරුදන් වී තිබෙනවා. රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය මහා විද්‍යාලයීය ක්‍රීඩාංගනයේ පැවති සමස්ත ලංකා වොලිබෝල් තරගාවලියට සහභාගි වීම සඳහා පැමිණි බදුල්ල ප්‍රදේශයේ පාසලක සිසුවෙකුයි මෙසේ දියේ ගිලී අතුරුදන්ව තිබෙන්නේ. තරගය අවසන් වී සිසුන් පිරිසක් කරවනැල්ල කඹුලුමුල්ල ප්‍රදේශයෙන් කැලණි ගඟේ දිය නෑමට ගොස් තිබෙනවා. ඒ අතර සිටි 18 හැවිරිදි සිසුවෙකුයි මෙසේ අතුරුදන්ව ඇත්තේ. ඔහු පස්සර ගෝනගල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. නාවික හමුදාවේ ද දායකත්වය ඇතිව අතුරුදන් සිසුවා සෙවීමේ මෙහෙයුම් ක්‍රියාත්මකයි.

 

 

 

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 12, 2018 09:25

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්