fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් 3 ක් අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 12, 2018 09:21

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් 3 ක් අත්අඩංගුවට

කුරුණෑගල නුවර මාර්ගයේ පිලිකඩ ප්‍රදේශයේදී සිදු කළ වැටලීමකදී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් 3 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. එක් සැකකරුවෙකු පලා ගොස් ඇති අතර ඔහු සොයා පොලිස් මෙහෙයුම් ක්‍රියාත්මකයි. කුරුණෑගල පොලීසියට ලැබුණු තොරතුරකට අනුව වැටලීම සිදුකෙරුණා. සැකකරුවන් පැමිණි මෝටර් රථය පොලිස් නිලධාරීන් නතර කිරීමට උත්සාහ කිරීමේදී ඔවුන් රථය නොනවත්වා ධාවනය කර ඇති බවයි වාර්තා වන්නේ. එහිදී පොලිස් නිලධාරීන් මෝටර් රථය දෙසට වෙඩි තබා තිබෙනවා. ඉන් එක් සැකකරුවෙකු තුවාල ලබා ඇති අතර ඔහු කුරුණෑගල රෝහලට ඇතුළත් කෙරුණා. අනෙක් සැකකරුවන් අතුරු මාර්ගයක මෝටර් රථය දමා පලා ගොස් කැළෑබද ප්‍රදේශයක සැගව සිටියදී ප්‍රදේශවාසීන්ගේ සහාය ඇතිව අත්අඩංගුවට ගැනීමට පොලීසියට හැකිවුණා.

 

 

 

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 12, 2018 09:21

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්