fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මහවැලි ක්‍රීඩා උළෙලේදී දක්ෂතා දක්වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇගයීමේ වැඩසටහනක්

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 11, 2018 18:17

මහවැලි ක්‍රීඩා උළෙලේදී දක්ෂතා දක්වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇගයීමේ වැඩසටහනක්

30 වන මහවැලි ක්‍රීඩා උළෙලේදී දක්ෂතා දක්වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇගයීමේ වැඩසටහනක් පැවැත්වීමට සැළසුම්කර තිබෙනවා. 30 වන මහවැලි ක්‍රීඩා උලෙළ ඇඹිලිපිටිය මහවැලි ක්‍රීඩා පිටියේදී ලබන 15 වනදා සහ 16 වනදා පැවැත්වෙනවා. ITN මාධ්‍ය ජාලය නිල මාධ්‍ය අනුග්‍රහය දක්වන මෙම තරගාවලියට මහවැලි කලාප 11 ක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් එක්වීමට නියමිතයි.

රාජ්‍ය අමාත්‍ය වීරකුමාර දිසානායක,

11 වන ආසියා නෙට්බෝල් ශූරතාව දිනා ගත් ශ්‍රී ලංකා කණ්ඩායම අද අලුයම දිවයිනට පැමිණියා. සිංගප්පූරුවේ පැවති තරගාවලියේ අවසන් මහා තරගයේදී සත්කාරක සිංගප්පූරුව පරාජයට පත් කරමිනුයි ශ්‍රී ලංකාව ශූරතාව හිමි කර ගත්තේ. ශ්‍රී ලංකා කණ්ඩායමේ නායිකාව ලෙස කටයුතු කළේ චතුරංගි ජයසූරියයි. තරගාවලිය පුරා ගෝල මැෂිම ලෙස ක්‍රීඩා විචාරකයින් හැදින්වූ තර්ජනී සිවලිංගම් ක්‍රීඩිකාව නියෝජනය කළේ ද ශ්‍රී ලංකාවයි. ඇය අඩි හයයි අගල් දහයක උසකින් යුක්තයි. මෙම කණ්ඩායම කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළින් දිවයිනට පැමිණි අවස්ථාවේ විශේෂ අමුත්තන් පිළිගැනීමේ පර්යන්තයේදි ක්‍රීඩා අමාත්‍යාංශයෙන් විශේෂ උත්සවයක් පැවැත්වුවා. ඊට ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා ඇතුළු නිලධාරීන් රැසක් එක්ව සිටියා.

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 11, 2018 18:17

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්