Life+News The Official News Portal of Independent Television Network Ltd

ජොන්ස්ටන් ප්‍රනාන්දු තවදුරටත් රිමාන්ඩ්

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 11, 2018 18:15

ජොන්ස්ටන් ප්‍රනාන්දු තවදුරටත් රිමාන්ඩ්

රුපියල් ලක්‍ෂ 52 ක මුදලක් අවභාවිත කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුලු 3 දෙනෙකු තවදුරටත් රක්‍ෂිත බන්ධනාගාරගත කෙරුණා. ඔවුන් හෙට(12)  දිනය දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමටයි කුරුණෑගල මහාධිකරණය නියෝග කළේ.

මෙම නඩුව දිනපතා විභාග කෙරෙනවා. ඒ අනුව එය යළි හෙට (12) විභාගයට ගැනීමට නියමිතයි. ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුලු සැකකරුවන් කුරුණෑගල මහාධිකරණයට අද (11) යළි ඉදිරිපත් කෙරුණා. එම අවස්ථාවේ ඒකාබද්ධ විපක්‍ෂයේ පිරිසක් මහාධිකරණ භූමියට ඇතුලුවී තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් වමේ කේන්ද්‍රයේ කැඳවුම්කරු චමීර පෙරේරා මහතා අදහස් දැක්වූවා.

මේ අතර මෙම සැකකරුවන් ඇප මත මුදාහරින ලෙසට ඉල්ලා අභියාචනාධිකරණයේ ප්‍රතිශෝධන පෙත්සමක් ද ගොනුකර තිබෙනවා. එම පෙත්සම හෙට (12) දින සලකා බැලීමට නියමිතයි.

 

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 11, 2018 18:15
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

Your e-mail address will not be published.
Required fields are marked*

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්