fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

නාමල්ට එරෙහි නඩුවේ සාක්ෂි විභාගය කල් යයි

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 11, 2018 17:45

නාමල්ට එරෙහි නඩුවේ සාක්ෂි විභාගය කල් යයි

අයථා ලෙස උපයා ගත් රුපියල් මිලියන තිහක මුදලක් විශුද්ධිකරණය කළේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඇතුළු හය දෙනෙකුට එරෙහි නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය ඔක්තෝබර් මස නව වැනිදාට කල් තැබුණා. කොළඹ මහාධිකරණයයි නියෝගය නිකුත් කළේ. රුපියල් මිලියන තිහක මුදලක් විශුද්ධිකරණය කර ඇත්තේ ගවර්ස් කෝපරේට් සර්විස් සමාගම හරහා යි.

අද දින මෙම නඩුවේ ප්‍රධාන සාක්ෂිකරුවෙකු වන බොන්ස්ටන් කැප්ටල් පුද්ගලික සමාගමේ සභාපති මොහාන් ඊරියගොල්ල මහතාගෙන් විත්ති පාර්ශ්වයේ නීතිඥවරුන් හරස් ප්‍රශ්න විමසුවා. රජය වෙනුවෙන් සාක්ෂි ලබාදීමට පගාවක් ගත් බවට විත්ති පාර්ශ්වය කළ යෝජනාව සාක්ෂිකරු ප්‍රතික්ෂේප කළා. පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ, ඔනෙලා ඉරේෂා ද සිල්වා, සුජානි බෝගොල්ලාගම සහ නිත්‍යා සේනානි යන අය මහාධිකරණයේ අද පෙනී සිටියා. මෙම නඩු විභාගය ආරම්භයේ සිට මහේස්ත්‍රාත් අධිකරණය මගහරිමින් සිටින ඉන්දික කරුණාජීව යන අය අත්අඩංගුවට ගැනීමට ජාත්‍යන්තර පොලීසිය හරහා මීට පෙර විවෘත වරෙන්තුවක් නිකුත් කර තිබුණා.

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 11, 2018 17:45

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්