fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මහා වංචාව වැලකුන හැටි

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 11, 2018 18:01

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මහා වංචාව වැලකුන හැටි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සිදුවීමට ගිය මහා පරිමාණ මූල්‍ය වංචාවක් වළක්වා ගැනීමට හැකි වූ බව ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තෆා මහතා පවසනවා. එළඹෙන ශ්‍රී ලංකා එංගලන්ත ක්‍රිකට් තරගාවලියේ ජාත්‍යන්තර විකාශන අයිතිය හිමිව ඇත්තේ සෝනි ඉන්ටර්නැෂනල් ආයතනයටයි. එම තරගාවලිය වෙනුවෙන් ඔවුන් ශ්‍රී ලංකා ක්‍රීකට් ආයතනයට ලබා දීමට එකඟව ඇති මූලික ගෙවීම රුපියල් කෝටි 89 ක්. අනෙකුත් මුදල් විටින් විට ගෙවීමටයි සැලසුම් කර තිබුණේ.

මෙම මූලික ගෙවීම විදෙස් බැංකුවක පෞද්ගලික ගිණුමකට බැර කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මූල්‍ය අංශයේ නිලධාරියෙකු කටයුතු කර තිබුණා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මූල්‍ය අංශ ප්‍රධානියා ලෙස කටයුතු කරන්නේ පියල් නන්දන මහතායි. මෙම සිදුවීම වූ ඊයේ සහ අද දිනයේ ඔහු සේවයට වාර්තා කර නැහැ. මේ අතර මෙම මූල්‍ය වංචාව සම්බන්ධයෙන් තොරතුරු මූල්‍ය අපරාධ කොට්ඨාසයට දැනුම් දී ඇත්තේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මහතායි. ඒ සම්බන්ධයෙන් මේ වන විට පරික්‍ෂණ පැවැත්වෙනවා. මීට සමගාමීව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ද ද්වි පුද්ගල පරික්‍ෂණයක් ක්‍රියාත්මක කර තිබෙනවා.

අමාත්‍ය ෆයිසර් මුස්තෆා,

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 11, 2018 18:01

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්