fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

බිම් බෝම්බ ඉවත් කිරීමේ මෙහෙයුමට ජපානයෙන් ඩොලර් මිලියන 1.25ක්

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 11, 2018 16:04

බිම් බෝම්බ ඉවත් කිරීමේ මෙහෙයුමට ජපානයෙන් ඩොලර් මිලියන 1.25ක්

උතුරු පළාතේ ක්‍රියාත්මක බිම් බෝම්බ ඉවත් කිරීමේ මෙහෙයුම සඳහා ජපානය ඇමෙරිකා ඩොලර් මිලියන 1.25ක ආධාර මුදලක් ලබා දී තිබෙනවා. එය දළ වශයෙන් රුපියල් මිලියන 194 ක්.

ආධාර මුදල් ලබා දීමේ ගිවිසුමට අත්සන් තැබීම ශ්‍රී ලංකාවේ ජපාන තානාපති කාර්යාලයේදී සිදුකෙරුණා. ඒ ශ්‍රී ලංකාවේ ජපාන තානාපති කෙනිචි සුගනුමා මහතාගේ ප්‍රධානත්වයෙන්. රජය ක්‍රියාත්මක කරන බිම් බෝම්බවලින් තොර ආරක්‍ෂිත ප්‍රදේශ ඇති කිරීමේ වැඩපිළිවෙළ මෙමගින් වඩාත් ශක්තිමත් වනු ඇති. 2003 වසරේ සිට උතුරු නැගෙනහිර ප්‍රදේශවල බිම් බෝම්බ ඉවත් කිරීම සඳහා ජපානය ආධාර වශයෙන් ඇමෙරිකා ඩොලර් මිලියන 33 ක් ලබා දී තිබුණා.

 

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 11, 2018 16:04

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්