fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

තෙලංගානා බස් අනතුරෙන් 40 දෙනෙකුට වැඩි පිරිසක් ජීවිතක්‍ෂයට

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 11, 2018 15:54

තෙලංගානා බස් අනතුරෙන් 40 දෙනෙකුට වැඩි පිරිසක් ජීවිතක්‍ෂයට

ඉන්දියාවේ තෙලංගානා ප්‍රාන්තයේ ජග්තල් ප්‍රදේශයේ බස් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් කුඩා දරුවන් 6 දෙනෙකු ඇතුළු 40 දෙනෙකුට වැඩි පිරිසක් ජීවිතක්‍ෂයට පත්ව තිබෙනවා. කොන්ඩාගතු සිට ජග්තල් දක්වා වන්දනාකරුවන් පිරිසක් රැගෙන යමින් සිටියදීයි අනතුර සිදුව තිබෙන්නේ. එම අවස්ථාවේ පුද්ගලයින් 70 දෙනෙකු බස් රථයේ ගමන් කර ඇති බව වාර්තා වනවා. තවත් විශාල පිරිසක් තුවාල ලබා ඇති බව ද සඳහන්.

ඔවුන්ගෙන් කිහිප දෙනෙකුගේ තත්ත්වය බරපතල බව ද ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා. වේගය පාලනය කර ගත නොහැකි වීමෙන් අනතුර සිදුව ඇති බවටයි  පොලීසිය සැක පළ කරන්නේ. මේ සම්බන්ධයෙන් වැඩිදුර පරික්‍ෂණ ක්‍රියාත්මකයි.

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 11, 2018 15:54

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්