Life+News The Official News Portal of Independent Television Network Ltd

සතොස හරහා අර්තාපල් මිලදී ගැනීම් සාර්ථකව

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 11, 2018 15:25

සතොස හරහා අර්තාපල් මිලදී ගැනීම් සාර්ථකව

සතොස හරහා දේශීය අර්තාපල් අස්වනු මිලදී ගැනීමේ කටයුතු මේ වන විට සාර්ථකව ක්‍රියාත්මකයි.

දේශීය අර්තාපල් ගොවියා රැකගැනීමේ අරමුණින් අර්තාපල් මිල ස්ථාවරව පවත්වා ගනිමින් සතොස හරහා අර්තාපල් අස්වනු මිලදී ගැනීමට රජය පසුගියදා තීරණය කළා. ඒ අනුව වැලිමඩ , බොරලන්ද, කැප්පෙටිපොළ සහ ඌවපරණගම ගොවිජන සේවා මධ්‍යස්ථානවලදී ගොවීන්ගෙන් සෘජුවම අර්තාපල් මිලදී ගැනීමේ කටයුතු මේ වන විට ආරම්භ කර තිබෙනවා. එක් ගොවිජන සේවාබල ප්‍රදේශයකින් දිනකට අර්තාපල් කිලෝ පන්දහසක් මිලදී ගැනීමට නියමිතයි. අර්තාපල් සදහා රුපියල් 80ක සහතික මිලක් මීට පෙර පනවා තිබුණද පවතින ආර්ථික තත්ත්වයන් සළකා බලා රජය උපදෙස් පරිදි අර්තාපල් කිලෝවක් රුපියල් අනූවක තොග මිලකට මිලදී ගැනීමට සතොස පියවර ගෙන තිබෙනවා.

 

 

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 11, 2018 15:25
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

Your e-mail address will not be published.
Required fields are marked*

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්