fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සවස 02.00 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 11, 2018 13:15

සවස 02.00 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි

ඌව සහ මධ්‍යම පළාත්වල ස්ථාන ස්වල්පයක සවස 02.00 න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.සෙසු ප්‍රදේශවලවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් අපේක්ෂා කෙරේ.ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී.දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං බස්නාහිර හෝ නිරිත දෙසින් හමන අතර සුළගේ වේගය පැ.කී.මී. 20-30 පමණ වේ.මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 40-45 දක්වා වැඩිවීමේ හැකියාවක් පවතී.එවිට, එම මුහුදු ප්‍රදේශ තරමක් රළු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 11, 2018 13:15

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්