Life+News The Official News Portal of Independent Television Network Ltd

ඇමෙරිකාවේ නැගෙනහිර වෙරළාරක්ෂිත ප්‍රදේශවලට කාලගුණ අංශ අනතුරු අඟවයි

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 11, 2018 13:02

ඇමෙරිකාවේ නැගෙනහිර වෙරළාරක්ෂිත ප්‍රදේශවලට කාලගුණ අංශ අනතුරු අඟවයි

දශක කිහිපයකට පසුව ඇමෙරිකාවේ නැගෙනහිර වෙරළාරක්ෂිත ප්‍රදේශවලට  ඇතුළුවන ප්‍රභලම සුළිකුණාටුව පිළිබද එරට කාලගුණ අංශ අනතුරු අඟවා තිබෙනවා.  කැරොලිනා වෙරළතීර ප්‍රදේශයේ මිලියනයකට අධික පිරිසක් ආරක්ෂිත ස්ථාන කර යොමුකිරීමට පියවර ගත්තා.

ෆ්ලොරන්ස් ලෙස හැදින්වෙන මෙය බලපෑමට දින තුනකට පෙරයි කාලගුණ අංශ ජනතාවට අනතුරු අගවා තිබෙන්නේ. ෆ්ලොරන්ස් සුළි කුණාටුව මේ වන විට සිව්වන අවධියේ පවතින සුළිකුණාටුවක් වන අතර පැයට කිලෝමීටර 220ක වේගයෙන් සුළං හමා යනවා.  වේගවත් සුළං සමග තවදුරටත් ශක්තිමත්වෙමින් බ්‍රහස්පතින්දා දිනය වන විට කැරොලිනා ප්‍රාන්තයෙන් ගොඩබිම කරා ඇතුළු වන බවයි වාර්තා වන්නේ. මේ හේතුවෙන් ඉදිරි දින කිහිපයේදී අධික වැසි, ගංවතුර සහ සුළං තත්ත්වයක් පවතිනු ඇති බවට අනතුරු ඇගවීම් නිකුත් කර තිබෙනවා. උතුරු කැරොලිනා සහ වර්ජනියා යන ප්‍රාන්තවලට මේ වන විටත් හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 11, 2018 13:02
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

Your e-mail address will not be published.
Required fields are marked*

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්