Life+News The Official News Portal of Independent Television Network Ltd

ප්‍රියංකර ජයරත්නට එරෙහි නඩුව ඔක්තෝම්බර් 19 වනදා යළි විභාගයට

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 11, 2018 12:36

ප්‍රියංකර ජයරත්නට එරෙහි නඩුව ඔක්තෝම්බර් 19 වනදා යළි විභාගයට

2011  – 2012 වසරවල සිවිල් හා ගුවන් සේවා අමාත්‍යවරයා ලෙස කටයුතු කළ ප්‍රියංකර ජයරත්න මහතාට එරෙහි නඩුව ඔක්තෝම්බර් 19 වන දින යළි විභාගයට ගැනීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළා.

ප්‍රියංකර ජයරත්න මහතාට එරෙහි චෝදනා වන්නේ සිවිල් ගුවන් සේවා අධිකාරී පනතට පටහැනි ලෙස සම්බන්ධීකරන නිලධාරී තනතුරක් ඇති කර ඒ සදහා ඔහුගේ පුද්ගලික ලේකම්වරයා පත් කිරීමයි. මෙම පත්කිරීමේන් ආණ්ඩුවට පාඩුවක් සිදු කළා යැයි ප්‍රියංකර ජයරත්න මහතාට සහ ඔහුගේ පුද්ගලික ලේකම්වරයාට ද චෝදනා එල්ල වී තිබෙනවා. මෙම නඩුව අද දින විභාග කෙරුණේ ප්‍රධාන මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා ඉදිරියේ.  විත්තියේ නීතීඥවරයා ප්‍රකාශ කර සිටියේ මෙම නඩුව සම්බන්ධයෙන් අභියාචනා පෙත්සමක් ඉහළ අධිකරණයට ඉදිරිපත් කර ඇති බවයි.

 

 

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 11, 2018 12:36
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

Your e-mail address will not be published.
Required fields are marked*

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්