මොරගහකන්ද ජලාශයේ ජලයෙන් වගා කළ ගොවි ජනතාව වාර්තාගත අස්වැන්නක් අපේක්ෂාවෙන් සිටිනවා. තම වගාවන් මෙවර සාර්ථකව සිදු කිරීමට හැකි වූ බවයි ගොවි ජනතාව පවසන්නේ.
ඇළහැර මොරගහකන්ද මහවැලි කලාපයේ ගොවි ජනතාව වසර ගණනාවක් පුරා ජලය නොමැතිවීම හේතුවෙන් වගාවන් සිදු කිරීමේදි දුෂ්කරතාවට පත් වුණා. මොරගහකන්ද ජලාශය ඉදිවීමත් සමඟ ඇළහැර ප්රාදේශීය ලේකම් කොට්ඨාසයේ සරු බිම, කොට්ටපිටිය ආදී ප්රදේශවල ගොවි ජනතාවට වගා කටයුතු පහසුවෙන් සිදු කිරීමට අවස්ථාව ලැබි තිබෙනවා.
දුම්කොළ වගාවේ නිරත වු එම ගොවි ජනතාව මේ වන විට බී ඵෑනු, රටකජු, බඩ ඉරිගු, කව්පි, මුං, බතල ආදී භෝග වගාවලට යොමුව තිබෙනවා. එම වගාවන්ගෙන් වාර්තාගත අස්වැන්නක් මෙවර හිමිවනු ඇති බවයි ගොවි ජනතාව පවසන්නේ.
[ot-video type=”youtube” url=”https://youtu.be/kxNvIS5H_-s”]