fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

රුසියාව පවත්වන විශාලතම යුද අභ්‍යාසය අද

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 11, 2018 10:23

රුසියාව පවත්වන විශාලතම යුද අභ්‍යාසය අද

සීතල යුද්ධයෙන් පසුව රුසියාව පවත්වන විශාලතම යුද අභ්‍යාසය අද ආරම්භ වනවා. වොස්ටෝක් 2018 නමින් හදුන්වන මෙම යුද අභ්‍යාසය ලබන 17 වනදා දක්වා  පැවැත්වීමට නියමිතයි. යුද අභ්‍යාසයට ලක්ෂ තුනකට ආසන්න ආරක්ෂක භටයින් එක්වන අතර නැගෙනහිර සයිබීරියාවේයි මෙය පැවැත්වෙන්නේ. වොස්ටෝක් 2018 සදහා චීනයෙන් සහ මොංගෝලියාවෙන් ද හමුදා භටයින් 3200 කට වැඩි පිරිසක් එක් වනවා. මෙම යුද අභ්‍යාසය සදහා 36,000කට අධික හමුදා යුද ටැංකි, හමුදා කණ්ඩායම් රැගෙන යන රථ රැසක්, දහසකට අධික හමුදා ප්‍රහාරක යානා සහ 80 කට අධික නෞකා ද මීට එක් වනු ඇති.

 

 

 

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 11, 2018 10:23

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්